• Menu
  • Lycoris
  • Category
    • Animation
    • Nature
    • People
    • Technology
    • Vogue
    • Other
  • Tools
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Sub Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked

Android ලෝකය...

එන්න සිංහලෙන් Android ගැන ඉගන ගන්න....

  • Home
  • Contact
  • Sitemap
  • Static Page
Menu

Androidlokaya

Androidlokaya
Android App Publisher
Uncategories ලෝකයේ ඇති හොඳම Online job

ලෝකයේ ඇති හොඳම Online job

අන්තර්ජාලය පවිච්චි කරන ගොඩක් දෙනා දැන් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් කියලා අහළා ඇති, සමහර විට ඔයා විශ්වාස කරන්නේත් නැතුව ඇති පුලුවන් කියලා, ඔයාට විශ්වාස නැත්නම් ඒක පුලුවන් කියලා මං ඔප්පු කරපු ලිපිය කියවන්න.  අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කියන්නේ අන්තර්ජාලය හරහා ව්‍යාපාරයක් කරනවා වගේ දෙයක්. ඒ කියන්නේ ඔයා ඔයාගේම ව්‍යාපාරයක් අන්තර්ජාලය හරහා කරන්න පුලුවන් ක්‍රම ගැනයි දැන් කියවන්න යන්නේ.

අන්තර්ජාලයේ ගොඩක් ලොකුම දේ තමා “දැන්වීම්”. මිනිස්සු දැන්වීම් දාන්නේ මොනා හරි දෙයක් ප්‍රසිද්ධ කරවන්න. එයාලගේ නිශ්පාදන වල හා සේවාවන් වල අලෙවිය ඉහළ දාගන්න. ඒකත් මතක තියාගෙන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ක්‍රම මොනාද කියලා බලමු. මේක මතක තියාගන්න කිව්වේ ඔයා දැන් මේ අවශ්‍යතාවය ඉටු කරලා තමා මුදල් හොයන්න යන්නේ. මේ අවශ්‍යතාවය ඉටු කරන්න ක්‍රම ගොඩක් තියෙනවා, හොදට හිතලා බැලුවොත් ඔයාටත් පුලුවන් වෙයි, මේක ඉටු කරන්න පුලුවන් අලුත්ම අදහස්, අනන්‍ය ක්‍රම වගේ දේවල් හොයාගන්න.

1. Blog එකක් මඟින්.
වෙබ්සයිට් එකකයි බ්ලොග් එකකයි අතර වෙනස්කම් ගොඩක් තියෙනවා. ප්‍රධානම එක තමයි බ්ලොග් එක නිතරම අලුත් වෙන දෙයක්. පත්තර නිතරම අලුත් දේවල් දාන නිසා තමයි, පත්තර විකිනෙන්නේ, ඒ පත්තර වල කියවීම, අලෙවිය වැඩි වෙද්දී දැන්වීම වැඩිපුර ලැබෙනවා. ඒවගේම දැන්වීමකට ගන්න ගාස්තුවද වැඩි වෙනවා.

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න සාර්ථක ක්‍රම 3ක්
ඒ සංසිද්ධියම බ්ලොග් එකට අදාල කරගන්න පුලුවන්. නිතරම අලුත් වෙන නිසා, කියවන්න කට්ටිය එනවා, කලින් කිව්වා වගේ මිනිස්සු රැස්වෙන තැනක අලෙවිවීමේ හැකියාව ගොඩක් වැඩියි. ඉතින් දැන්වීම් දාන්න ඉල්ලුම ලැබෙනවා. ඔයාගේ බ්ලොග් එකට එන ප්‍රේක්ෂක ගණන වැඩිවෙන කොට ඔයාට දැන්වීම් වල ගාස්තුව වැඩි කරන්න පුලුවන්.
බ්ලොග් එකක් මඟින් මුදල් සේවීමේදි මූලික සිද්ධාන්තය තමයි ඕක. බ්ලොග් එකක් මඟින් මුදල් හොයන්න පුලුවන් ක්‍රම තවත් ගොඩක් තියෙනවා, ඒවා වෙනත් ලිපියකින් දාන්නම්.

2. Freelance Projects කරලා.
මේ කියන්නේ ඔයා දන්න මොකක් හරි වෘත්තිමය දැනුමකින්, වෘත්තිමය අත්දැකීම් වලින් කාගේහරි වැඩ කරලා මුදල් හොයන එක. මෙතනදි වෙන්නේ අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට උදව් කරන එක.

ඔයා මුකුත් දන්නේ නැහැ කියලා හිතන්න එපා එහෙම කිව්වම. ඔයා දන්න මොකක්ම හරි දෙයකින් මේක කරන්න පුලුවන්. ඔයාට වෙබ්සයිට් හදන්න පුලුවන් නම් ඒක දන්නේ නැති, ඒත් වෙබ්සයිට් එකක් අවශ්‍ය කෙනෙකුට ඒ වැඩේ කරලා දීලා මුදල් හොයන්න පුලුවන්.

ග්‍රැෆික් නිර්මාණය, වෙබ් අඩවි නිර්මාණය, වෙබ් අඩවි දියුණු කිරීම, වීඩියො සංස්කරණය කිරීම, මොනාහරි දෙයක් සම්බන්ධ උපදෙස් ලබාදීම, ලිපි ලිවීම වගේම තව ගොඩක් දේවල් කරලා මුදල් හොයන්න පුලුවන්. මේ වගේ වැඩ අරගෙන කරන්න පුලුවන් සයිට් ටිකක් පහලින් දාන්නම්.

Fiverr. – මේ ක්‍රමෙන් පටන් ගන්න ලේසිම තැන මේක.
oDesk.
Freelancer.
ELance.
3. ඔයාගේම භාණ්ඩයක් හෝ සේවාවක් අන්තර්ජාලය හරහා ලබා දීම.
ඔය හැමෝම මේ දේ කරන්නේ නෑ. ඔයාට පුලුවන් ඔයාගෙම eBook එකක් ලියලා විකුණන්න. මේකට eBooks විතරක්ම නෙමෙයි අයත් වෙන්නේ විඩියෝ මගපෙන්වීම්, ලිපි මඟින් මග පෙන්වීම්, ඕඩියෝ මග පෙන්වීම්, සොෆ්ට්වෙයා ආදිය ඔනෑම දෙයක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ කිව්වේ මේ වගේ දෙයක් හදන්න පුලුවන් නම් ගොඩක් ලොකු මාර්කට් එකක් උනත් ඔයා වටේ හදාගන්න පුලුවන්.

මේ වගේ තමන්ගේම දෙයක් විකුණනකොට සම්පූර්ණ ලාභය එන්නේ ඔයාට. ඒ වගේම ඔයා දෙන සේවයේ, නිෂ්පාදනයේ අලෙවිය වැඩි කරගන්න පුලුවන් ක්‍රමත් තියෙනවා. මේ ක්‍රම උපයෝගි කරගන්න කොට ඔයාට ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. තවත් දෙයක් තමයි, ඔයා එකක් වීඩියෝ මගපෙන්වීම් වගේ දෙයක් නම් විකුණන්නේ, ඒක නිර්මාණය කරන්න තමයි ඔයාට වැඩි කාලයක් යන්නේ, ඊට පස්සේ ඔයාට ඒ තරම් මහන්සි වෙන්න දෙයක් නෑ.

දැන් එහෙම කිව්වා කියලා, නිකන් ඉන්නම ලෑස්ති වෙන්න එපා. අර ක්‍රම, උපායවල් මොනාද කියලා ඉස්සරහට ලියන්නම්.

තව මේ එක එක ක්‍රමෙන් කොහොමද මුදල් හොයන්නේ කියලා ඉස්සරහා ලිපි වලින් දාන්නම්. හරි, එහෙමනම් දැන් ඔයාගේ අදහස යටින් ලියලා දාන්න, ඔයාට මොනාහරි දෙයක් ගැන දැනගන්න ඕන නම් ඒක ගැනත් කියන්න. මේ ලිපිය ඔයාට වගේම තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් පහළින් තියෙන බටන් 2-3 ඔබලා අනිත් අයටත් මේක ගැන කියන්න.!!

Story teller
Add Comment
Monday, September 24, 2018
  • Share
  • Share

Related Posts

Newer Older Home

Weekly Posts

  • රු.500ක Reload එකක් දිනා ගන්න
  • thumbnails
    Phone Memory එක මදිද? වැඩි කරගමු
  • thumbnails
    Online Money
  • thumbnails
    Soft Keys Enabler
  • thumbnails
    µTorrent pro apk
  • thumbnails
    Blue Whale Game එක ගැන

Label

(Tools) [Android App] [Android Boot Loader] [Android game] [Ppsspp] [හොල්මන් කතා] Android Films Gossip Online Job

Recent Post

    Total Pageviews

    Blog Archive


    Translate

    copyright © 2017 Android ලෝකය... All Right Reserved . Created by Idntheme . Powered by Blogger