• Menu
  • Lycoris
  • Category
    • Animation
    • Nature
    • People
    • Technology
    • Vogue
    • Other
  • Tools
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Sub Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked

Android ලෝකය...

එන්න සිංහලෙන් Android ගැන ඉගන ගන්න....

  • Home
  • Contact
  • Sitemap
  • Static Page
Menu

Androidlokaya

Androidlokaya
Android App Publisher
Android Phone Memory එක මදිද? වැඩි කරගමු

Phone Memory එක මදිද? වැඩි කරගමු

ඔයාලට වටින කියන සුප්පා බාන්ඩයක්.ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි දැනට තියෙන සමහර ෆෝන් වලට එන ෆෝන් මෙමරි එක හුගක් අඩු වීම.එහෙම අඩු උනාම තියෙන ප්රශ්නෙ තමයි ඔයාලට Play Store එකෙන් ගොඩක් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න බැරුව යනවා.ඒ වගෙම සමහර ඇප්ස් භාවිතා කරනකොට ඒවායින් නෙට් එකෙන් අමතර Cache ඩවුන්ලෝඩ් කරගැනීමත් සමග ෆෝන් මෙමරි එක ඉක්මනින් ෆුල් වීම වගේ හෙන ලෙඩ ගොඩයිනෙ එතකොට.ඉතින් අපිට අපි ගාව තියෙන SD Card එකක් හෙවත් Chip එකක් භාවිතා කරල අපේ ෆෝන් මෙමරි එක වැඩි කරගන්න පුලුවන් නම් කොච්චර එකක්ද නේද.!!
මම මේ පෝස්ට් එක දාන්න හේතුව මගෙන් ගොඩක් අපේ සහෝදරයන් මේක කරන්නෙ කොහොමද කියල අහල තිබ්බා.ඉතින් මම අද ඔයාල ඔක්කොමලට කියල දෙන්න හදන්නෙ මේක කරන්නෙ කොහොමද කියල.
හොදයි කට්ටිය ඔයාලට මේක කරන්න පුලුවන් ඕනෑම ඇන්ඩ්රොයිඩ් ස්මාට්ෆෝන් එකක් එක්ක.සමහරුන්ට දැන් බජට් ෆෝන් එක තමයිනෙ Huawei Y210.ඒකටත් එලටම වැඩ.ඒ වගෙම Samsung Korean Galaxy ෆෝන් වලටත් සහ මෙකී නොකී හැම ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකකටම වැඩ.
අපි මේකට පාච්චි කරන්නෙ පුන්චිම පුන්ච් නොමිලේ දෙන සොෆ්ට්වෙයාර් එකක්.!! ;) පුන්චි උනාට වැඩ සුපිරි.!! ;) මේ සොෆ්ට් කෑල්ලෙ නම තමයි MiniTool Partition Wizard.මේකෙ නම මිනි උනාට වැඩ ගොඩයි.ඔන්න පල්ලෙහා දාල තියෙනවා ලින්ක් කෑල්ල.ඩවුන්ලෝඩ් කරගන්න කට්ටියම එහෙනම්.
ඩවුන්ලෝඩ්(http://adf.ly/1d6iLb)
හරි කට්ටියම එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න ඇතිනෙ.දැන් එහyeah නම් වැඩේට බහිමු.ඔයාල ඩවුන්ලෝඩ් කරගත්ත pwhe8.exe කියන ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරල ඒක ඉන්ස්ටෝල් කරගන්නකෝ.ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නෙ පොඩි නෙක්ස්ට් පාරවල් ටිකක් දීලා තමයි.
ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ Desktop එකට MiniTool Partition Wizard Home Edition කියල Icon එකක් ඇවිල්ලා ඇති.අන්න එතනින් අපි ඉන්ස්ටෝල් කරගත්ත වැඩසටහන ඕපන් කරගන්න.
එවිට MiniTool Software යනුවෙන් Windows එකක් ඔබට ලැබෙනු ඇති අතර එහි MiniTool Partition යන්න ක්ලික් කරන්න.එවිට පහත ආකාරට MiniTool Partition Wizard Home Window එක දැක ගැනීමට හැකි වේ.
හරි කට්ටියම එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න ඇතිනෙ.දැන් එහෙනම් වැඩේට බහිමු.ඔයාල ඩවුන්ලෝඩ් කරගත්ත pwhe8.exe කියන ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරල ඒක ඉන්ස්ටෝල් කරගන්නකෝ.ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නෙ පොඩි නෙක්ස්ට් පාරවල් ටිකක් දීලා තමයි.
ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ Desktop එකට MiniTool Partition Wizard Home Edition කියල Icon එකක් ඇවිල්ලා ඇති.අන්න එතනින් අපි ඉන්ස්ටෝල් කරගත්ත වැඩසටහන ඕපන් කරගන්න.
එවිට MiniTool Software යනුවෙන් Windows එකක් ඔබට ලැබෙනු ඇති අතර එහි MiniTool Partition යන්න ක්ලික් කරන්න.එවිට පහත ආකාරට MiniTool Partition Wizard Home Window එක දැක ගැනීමට හැකි වේ.
දැන් ඔබට ඔබගේ SD Card එක දැක ගැනීමට හැක.දැන් ඔබගේ SD Card එක මත Right ක්ලික් කර එය පහත ආකාරයට ඩිලීට් කරගන්න.නමුත් ඩිලීට් කිරීමට පෙර එහි අඩංගු ඔබගේ ඩේටා ආදිය පරිගණකයට Copy එකක් දාගැනීමට මතක තබා ගන්න.
ඔබ SD Card එක ඩිලීට් කරගැනීමෙන් පසුව ඔබගෙ SD Card එක Unallocated Space යනුවෙන් දිස්වන අතර එය මත නැවත Right Click කර එහි ඇති Create යන්න මත ක්ලික් කරන්න.එවිට Create New Partition යනුවෙන් වින්ඩෝවක් ලැබේ.
දැන් ඔබට ඔබගේ SD Card එකේ අඩංගු ධාරිතාවෙන් කොතරම් ධාරිතාවක් ඔබගේ ෆෝන් මෙමරි එක වශයෙන් තෝරනවාද යනුවෙන් සුලු ගණනයක් කිරීමට සිදු වේ.උදාහරණයක් වශයෙන් ඔබගේ SD Card එක ගිගාබයිට් හතරක ධාරිතාවයෙන් යුත් එකක් යැයි උපකල්පනය කරන්න.ඔය කිව්වට එච්චර නෑ කියල අපි දන්නවනේ :3
එහි අඩංගු 3.71GB ධාරිතාවෙන් 1GB ප්රමාණයක් මම ෆෝන් මෙමරි එක වශයෙන් යොදනවා.අපිට මේ 1GB එකක ප්රමාණයට තමයි අපගෙ Applications,Cache, සහ අනිකුත් ෆෝන් එකේ අඩංගු දෑ දමන්න පුලුවන් වෙන්නෙ.එවිට ඉතිරි 2.71GB ප්රමාණයට තමයි අපිට අවශ්ය සිංදු,ෆොටෝ සහ වීඩියෝ ආදිය දමන්න පුලුවන් වෙන්නෙ.
ඔබගේ අවශ්යතාව අනුව සහ SD Card එකේ ප්රමාණය අනුව මෙම තේරීම ඔබට සුදුසු සේ කරගන්න.මම කලින් සදහන් කරන ලද මගේ Measurements වලට අනුව සිදු කරනවා.ඔබ ඊට අදාල වනසේ ඔබගේ මිනුම් යොදමින් මෙය ඉදිරියට කරගෙන යන්න.
Create New Partition යන වින්ඩෝවේ ඇති Create As යන්න ඉදිරියෙන් ඇති තේරීම් වලින් Primary යන්න තෝරන්න.File System යන්න ඉදිරියෙන් ඇති තේරීම් වලින් FAT32 යන්න තෝරන්න.
ඉන්පසුව පහල ඇති Unallocated Space After යන්න ඉදිරියෙන් ඇති කොටුවේ ඔබට ෆෝන් මෙමරිය වශයෙන් යෙදීමට අවශ්ය ධාරිතාව MB වලින් සදහන් කරන්න.
ඊට පහලින් ඇති Partition Align To යන්න ඉදිරියෙන් ඇති තේරීම් වලින් Cylinder යන්න තෝරා OK යන්න මත ක්ලික් කරන්න.ඔබ වෙනස් කරනු ලැබූ වෙනස්කම් පහත මා දක්වා ඇති රූපයට අනුකූල දැයි මදක් බලන්න
ඉහත ආකාරයට කිරීමෙන් පසුව පහත ආකාරයට ඔබට ඔබ ෆෝන් මෙමරිය වශයෙන් යෙදූ ධාරිතාවට අදාල Unallocated Space යනුවෙන් නම් කරන ලද කොටසක් දක්නට ලැබේ නම් ඔබ මෙතෙක් කරනු ලැබූ ගණයන් සාර්තකයි
දැන් එම ස්ථානය මත Right Click කර Create යන්න Click කරන්න.එවිට Error එකක් වැනි වින්ඩෝවක් ලැබෙන අතර එහි Yes යන්න මත ක්ලික් කරන්න.එවිට නැවත Create New Partition වශයෙන් වින්ඩෝවක් ලැබෙන අතර එහිද වෙනස්කම් කිහිපයක් සිදු කරගැනීමට සිදුවේ.
Create As යන්න ඉදිරියෙන් ඇති තේරීම් වලින් Primary යන්න තෝරන්න.File System යන්න ඉදිරියෙන් ඇති තේරීම් වලින් Ext3 යන්න තෝරන්න.දැන් පහල ඇති OK යන්න මත ක්ලික් කරන්න.
දැන් ඉතින් අපි වැඩේ කරගෙන ඉවරයි.දැන් ඔයාලගෙ කලින් පරිගණකයට Copy කරගත්ත ෆයිල්ස් ටික චිප් එකට කොපි කරගන්න.චිප් එක දැන් කලින් එහි තිබූ ධාරිතාවම නොපෙන්වන අතර අප විසින් ෆෝන් මෙමරි එකට වෙන් කර ධාරිතාව වෙන් අඩු කොට නව ධාරිතාව පෙන්වයි.එය පිරෙන තෙක් ඔබට අවශ්ය දෑ දමන්න.දැන් SD Card එක ඔබගේ දුරකථනයට ඇතුලත් කර ෆෝන් මෙමරි එක ඔබ ලබා දුන් ප්රමාණය ඇති දැයි බලන්න.බලන්න දෙයක් නෑ.වැඩේ ගොඩ
Unknown
Add Comment
Android
Friday, August 12, 2016
  • Share
  • Share

Related Posts

Newer Older Home

Weekly Posts

  • thumbnails
    Drum Pad
  • thumbnails
    µTorrent pro apk
  • කොත්තුවක් ඉල්ලූ අද්භූත ආගන්තුකයා
  • Online job
  • යක්ෂයින්ගෙන් වැඩගත් ඇදුරට වෙච්ච දේ....
  • thumbnails
    Sinhala Bukiya

Label

(Tools) [Android App] [Android Boot Loader] [Android game] [Ppsspp] [හොල්මන් කතා] Android Films Gossip Online Job

Recent Post

    Total Pageviews

    Blog Archive


    Translate

    copyright © 2017 Android ලෝකය... All Right Reserved . Created by Idntheme . Powered by Blogger