• Menu
  • Lycoris
  • Category
    • Animation
    • Nature
    • People
    • Technology
    • Vogue
    • Other
  • Tools
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Sub Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked

Android ලෝකය...

එන්න සිංහලෙන් Android ගැන ඉගන ගන්න....

  • Home
  • Contact
  • Sitemap
  • Static Page
Menu

Androidlokaya

Androidlokaya
Android App Publisher
Online Job Ad බලල සල්ලි හොයන්න

Ad බලල සල්ලි හොයන්න

ads click ගැන අපේ මිනිස්සුන්ගෙ මැටි ඔලු වල තියන වැඩකට නැති විකාර අදහස් ටික ඔක්කොම එළියට දාන්න. හොඳයි ads click කියන්නෙ මොකද්ද කියල මන් කෙටියෙන් කියන්නම්. ඒක ඉතින් කියල වැඩකුත් නෑ හැමෝම ඒක දන්න නිසා. ඒත් මන් මේක කියන්නෙ Internet Money වලට අලුතෙන් එන කෙනෙක් ඉන්නවනම් එයාලට.
හරි. ads click කියන්නෙ යම්කිසි web site එකක දීල තියන වෙළඳ දැන්වීම් නරඹන එක. ඒ site එකට දවස ගානෙ ads දානව ඒව බලුපුවහම අපිට යම් කොමිස් මුදලක් ලැබෙනව . එහෙම ගෙවන්නෙ ඒ ads අපි බැලුවහම එයාලට ඊට වඩා ලොකු ආදායමක් එනව. ඒකෙන් ඉතින් පොඩි ගානක් අපිට දෙනව. ඒක එයාලට මහලොකු දෙයක් නෙමේ අපිට ලොකු දෙයක් වගේ දැනුනට. මෙතන තව දෙයක් තියනව. ලන්කාවෙ ගොඩාක් අය ads click site වලට රැවටිල ඉන්නව. ඒ කියන්නෙ සල්ලි ගෙවන්නෙ නැති site වල කොච්චර කිවුවත් හැමදාම click කර කර උන්ටම හමබ කරල දෙනව.සත 5 ක් ලන්කාවට ගන්න බෑ. ඒත් හැමදාම click කරන්ව. ගොඩක් අය එහෙමයි. මන් දන්නෑ ඇයි එ අයට තේරෙන්නෙ නැත්තෙ කියල. දැන් මේ උත්සාහය ඒක පැහැදිලි කරල දෙන්න.
හරි.. ads click site වැහි වැහල. ඒත් ඔය හැම එකක්ම විශ්වාස කරන්න බෑ. ඒ හැම එකකම සල්ලි ගෙවන්නෙ නෑ. හරි.. කොහොමද සල්ලි ගෙවන්නෙ නැති site එකක් අදුර ගන්නෙ? ඒකෙ history එක බලන්න. ඒ කියන්නෙ දැන් මේ site එක කොච්චර කල් ඉඳන් තියන එකක්ද කියල. ඒකෙන් විතරක් අදහසක් ගන්න බෑ. මොකද ලඟදි පටන් ගත්ත හොඳ site තියෙන්නෙ පුළුවන් නිසා. බලන්න members ල ඉන්න ගාණ. කොච්චර හොඳ traffic එකක් තියනවද බලන්න. හැබැයි මේව ඉතින් බොරුවට හදල දාල තියෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳට සැලකිලිමත් වෙන්න ඕන. අනිත් දේ තමා ad එකකට ගෙවන ගාන. ඇත්තටම මේකට තමා ගොඩාක්ම කට්ටිය මෝඩ ගොන් රැලක් වගේ රැවටෙන්නෙ. එහෙම වෙන්නෙ නෑ වැඩේ කරන්න කලින් ටිකක් මොලෙන් හිතුවනම් logically.
හැමෝටම ඕන සල්ලි ගොඩක් හෙන ලේසියෙන් හොයන්න. සල්ලි ගාණ දැක්ක ගමන් මුන් කුලප්පු වෙනව මී හරක් වගේ . කියන්න ඕන මී හරක් විතරක් නෙමේ මේවට රැවටෙන වැස්සියොත් ඉන්නව. සල්ලි මත්තෙම නැහෙන්න හදන්න එපා. ඊට කලින් පොඩ්ඩක් බලන්න මොකද්ද මේ යල තියෙන්නෙ මොකද්ද මේ කරන්න තියෙන්නෙ කියල. එහෙම නැතුව දැකපු ගමන් ගිහින් බදාගන්න යන්න එප. හරි.. මන් කියල ඉන්නම් ඔක්කොටම කලින් site ටිකක්.

www.sevendollarptc.com , www.twodollarclick.com , www.twodollarclick.org , www.buxinc.com ,
www. richptc.com www.fineptc.com , තව ඕවගෙ ගොඩක් site තියනව.
මේ site වල එක ad එකකට එකකට $ 2, 5, 7, 10 වෙනකන් ගෙවනව. එක add එකකට මෙච්චරක් ගෙවන්න මුන්ට මානසික රෝගයක් තියෙන්න ඕන. මෙහෙම Site වල add click කරන අයටත් මානසික රෝගයක්ද මන්ද. මේව පට්ටම scams. ඒ කියන්නෙ බොරු site. සත 5 ක් වත් දෙන්නෙ නෑ. ඔලුවක් දීල තියෙන්නෙ පොඩ්ඩක් හිතන්න . ඔලුවෙන් ටිකක් හිතුවනම් මේවගෙ දේවල් වලට අහු වෙන්නෙ නෑ. හරි.. ඒ logically හිතන හැටිත් මන් කියන්නම්.
මෙහෙමයි. අපි ගමු sevendollarptc site එක. ගොඩක් අය ඕක කරනව. ඇයි ඉතින් හැන ගොඩක්නෙ. එක ad එකකට $ 7 යි දවසකට ඕවගෙ ad 10 ක් විතර හමබ වෙනව. එතකොට දවසකට
$ 70 යි.
එතකොට මාසෙකට $ 70 *30= $2100 යි.
$ 2100 යි කියන්නෙ ලන්කාවෙ සල්ලි වලින් දළ වශයෙන්
2100*130= 273,000 යි. දෙලක්ෂහැත්තතුන්දාහයි.
උඹලට finance කරල Benz car එකක් අරන් මාසෙකට finance එක 150,000 ක් විතර ගෙවන ගමන් චූන් එකේ කකුල් දෙක උඩ දාගෙන ගෙදරට එලා ඉන්න පුළුවන්.
මේ site එකෙන් $ 7000 ක් වුනහම cash out කරගන්න පුළුවන්. මාසෙකට $ 2100 ක් හොයන්න පුළුවන්නම්, මාස 4 ක් විතර යනකොට $7000 හදාගන්න පුළුවන්.
මාස 4 කින් $ 7000 ක්, $ 7000 ක් කියන්නෙ ලන්කාවෙ සල්ලි වලින්
7000*130= 910,000 යි.
ඇයි ඉතින් $1 ක් දැන් 130 ක් වගෙනෙ. ඇති නේද අවුරුද්දටම ?
හරි.. මේ මාස 4 කින් නෙ. මේ මාස 4න් හම්බ වෙන මුදල අවුරුද්දකින් හම්බ වුනොත් කොච්චරක්ද බලමු.
910,000/12= Rs. 75,833 යි.
මාස 4 ක් click කලහම මුලු අවුරුද්දම චූන් එකේ ගෙදරට වෙලා ඉන්න පුළුවන්.
මාස 4 කින් $7000 ගාණෙ අවුරුද්දකට $7000 හෙ ඒව 3 න් පාරක් ගන්න පුළුවන්. ඒ කියන්නෙ,
$7000*3= $21,000 යි.
$ 21,000 යි කියන්නෙ ලන්කාවෙ සල්ලි වලින්
21,000*130= 2,730,000 යි.
මුලු අවුරුද්දකටම විසිහත්ලක්ෂතිස්දාහක්  හොයන්න පුළුවන් කිසිම වැඩක් නොකර. එතකොට මාසෙකට බලමු.
2,730,000/12= 227,500. මාසෙකට ආදායම දෙලක්ෂවිසිහත්දහස්පන්සියයි.
මෙහෙම හමබ වෙනවනම් ලන්කාවෙ ඉන්න හැම මිනිහම තමන්ගෙ වැඩ අතහරල මේක කර කර ඉඳියි. මෙහෙම සල්ලි ගෙවනවනම් Internet money වල oDesk , freelancer වගේ site වල අපි මොකටද කට්ට කාගෙන වැඩ කරන්නෙ ? කවුරුහරි ඉන්නවනම් මේ site වල click කරල සල්ලි ගත්ත, මට proof පෙන්නන්න. අන්න එදාට මන් internet money වල කරන හැම වැඩක්ම අතහැරල මේ වැඩේ විතරක් කරනව. මෙහෙම සල්ලි හමබ වෙනවනම් ලන්කාවෙ තියන හැම privet, government Ofiice, companies ,departments වල වැඩ කරන මිනිස්සු ගෙදර නැවතිල මේකම කරයි. එහෙම සල්ලි හොයන්න පුළුවන් නම් මීට කලින් ලන්කාවෙ highways, air bridges හැදෙයි. USA, Canada , China වගෙ developed countries වල තියන high speed trians ගොඩාක් ඉක්මනට ලන්කාවට එයි. ඒ යුධ ශක්තිය ලන්කාවෙත් තියෙයි ඒ රටවල් වල තියන දියුණු තාක්ෂණය ගොඩක් ඉක්මනට මෙහෙත් තියෙයි.
මේ වගේ දේවල් නිකන් ඉඳල කරන්න පුළුවන්ද? ලන්කාවෙ මනුස්සයෙක් මාසෙකට 30,000 ක් හොයන්න කොච්චර කට්ටක් කනවද? සමහරවිට  මුලු දවසම වැඩ කලත් මදි. OT කරල තම කීයක් හරි වැඩිපුර හොයාගෙන ගෙදරට එන්නෙ මුලු දවසම වැඩ කරල. මෙහෙම දෙනවනම් මොකටද එහෙම වැඩ කරන්නෙ? ඒ නිසා පොඩ්ඩක් ඔලුවෙන්  කල්පනා කරල බලන්න. මෙහෙම සල්ලි හම්බ වෙනවද කියල. ඒක අපේ එවුන්ගෙ ඔලු වල තියන ප්රශ්නයක්.
ඇත්තටම india, pakitan වගේ රටවල් වල මේ තත්වය ගොඩාක් අඩුයි. මන් අදුරන India වල යාළුවෙක් මගෙන් අහනව ඇයි ලන්කාවෙ අය scams site ගැන මෙච්චර post දාන්නෙ කියල. ඒ මිනිස්සු අපිට හිනා වෙනව. උන් තමා E money වල මුලු ලෝකෙම ඒකාධිකාරයක් කරගෙන ඉන්නෙ. දැන් උඹල කියන්න එපා මන් india වලට දෙකට නැවෙන එකෙක් කියල. මන් මේක කිවුවෙ ඒ අයත් එක්ක සසඳල බලන්න විතරයි. ඇත්තටම කියන්නෙ, මෝඩ ගස් වෙන්න එපා. කවුරු කොහොම කිවුවත් දෙයක් කරන්න කලින් ඒ ගැන පොඩ්ඩක් logically හිතන්න. ඒකයි මන් කලින් කිවුවෙ මෙහෙම සල්ලි දෙන්න නම් එයාට මානසික රෝගයක් කියල. දවසකට එක add එකකට $7 ක් අපිට ගෙවන්න නම් එයාට ඒ add එකෙන් ඊට වඩා ලොකු profit එකක් තියෙන්න ඕන. ඒත් ඒ අයටවත් අඩු ගානෙ $ 7 ක් හමබ වෙන්නෙ නෑ. එහෙම ලොකු ගාණක් දාන්නෙ කට්ටියව attraction කරගන්න විතරයි.
මන් මේ කිවුවෙ එක උදාහරණයක් අරගෙන විතරයි. මේක අනිත් මන් පෙන්නල තියන site වලටත් ඒ වගේම ඔයාල ගනන් හදල බලන්න. ඇත්තටම සල්ලි ගෙවන ads click site එකකින් දවසකට හොයන්න පුළුවන් $0.02 ක් වගේ ගාණක් තමා උපරිම. හැබයි එහෙම කියල මෙහෙම පොඩ්ඩක් ගෙවන හැම site එකම 100% ක් sure කරන්න එපා. 100% ක් sure site තමා probux, neobux, clixsence, globlebux වගේ site හොඳයි. මේව ඔක්කොම වෙන රටවල් වල site. මේ site වලින් දවසකට $0.02 kata කට වඩා හොයන්න අමාරුයි.
කොහොමහරි ads click වලින් සාමාන්යෙන් හොඳ ගාණක් හොයන්න නම් ගොඩක් මහන්සි වෙන්න ඕන. සමහරවිට ඒකෙ ප්රතිඵල ගන්න අවුරුද්දක් දෙකක් යන්නත් පුළුවන්. ඒ නිසා ඒක එච්චර හොඳ මුදල් උපයන ක්රමයක් නෙමේ. හැබැයි මේකෙන් හොදන සල්ලි හොයන අයත් ඉන්නව. ඒත් ඒ අයත් අවුරුදු ගාණක් මහන්සි වෙලා refferals ල හොය හොය කට්ට කාපු අය. ඉතින් ads click වලින් සල්ලි හොයන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙනව. මන් ඊළඟ post වලින් දානව ඊට වඩා ගොඩක් ඉක්මනට ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් ක්රමයක් ගැන. හැමෝම එකත් බලන්න. එහෙනන් අදට ඉවරයි.ගිහින් එන්නන්...

Unknown
Add Comment
Online Job
Friday, August 12, 2016
  • Share
  • Share

Related Posts

Newer Older Home

Weekly Posts

  • thumbnails
    Drum Pad
  • thumbnails
    µTorrent pro apk
  • කොත්තුවක් ඉල්ලූ අද්භූත ආගන්තුකයා
  • Online job
  • යක්ෂයින්ගෙන් වැඩගත් ඇදුරට වෙච්ච දේ....
  • thumbnails
    Sinhala Bukiya

Label

(Tools) [Android App] [Android Boot Loader] [Android game] [Ppsspp] [හොල්මන් කතා] Android Films Gossip Online Job

Recent Post

    Total Pageviews

    Blog Archive


    Translate

    copyright © 2017 Android ලෝකය... All Right Reserved . Created by Idntheme . Powered by Blogger