• Menu
  • Lycoris
  • Category
    • Animation
    • Nature
    • People
    • Technology
    • Vogue
    • Other
  • Tools
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked
  • Sub Menu
    • CSS
    • jQuery
    • Cookies
    • Wicked

Android ලෝකය...

එන්න සිංහලෙන් Android ගැන ඉගන ගන්න....

  • Home
  • Contact
  • Sitemap
  • Static Page
Menu

Androidlokaya

Androidlokaya
Android App Publisher
[Android Boot Loader] Boot Loader unlock කරන්නෙ බලාගෙනයි..

Boot Loader unlock කරන්නෙ බලාගෙනයි..

Bootoader කියන්නේ මොකද්ද ?
ඕගොල්ලෝ ඇන්ඩ්රොයිඩ් ලෝකෙට ආපු ගමන් ම එක එක අමුතු වචන අපිට දැනගන්න ලැබෙනවා. සමහර වචන අපි මීට කලින් පරිගණක භාවිතයේ දී එහෙම යොදාගත්තේ නැති වචන පවා ඇන්ඩ්රොයිඩ් වලදී භාවිත වෙනවා. රූට් කරනවා කියයි, කස්ටම් රොම් එකක් ෆ්ලෑශ් කරා කියයි ආය තව කවුරුහරි කියයි බූට් ලෝඩර් එක අන්ලොක් කරා කියලා. අද අපි කතා කරන්න යන්නේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් වල තියන බූට් ලෝඩර් එක ගැන.
බූට් ලෝඩර් යනුවෙන් හැඳින්වෙන්නේ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් ධාවනය වීමට පෙර ක්රියාත්මක වන වන වැඩසටහනකි. මෙය අපේ පරිගණකය වල මෙන්ම සියලුම ස්මාට් ෆෝන් වල ද ඇතුලත් ව තිබේ. මෙම වැඩසටහනේ කාර්ය භාරය වන්නේ මෙහෙයුම් පද්ධතිය කර්නලය වෙත බූට් කිරීමයි. බූට් ලෝඩරය දුරකථනයේ ඇති හාඩ්වෙයා පහසුකම් සමග වෙනස් වේ. එනම් එක ප්රොසෙසරයකට ලියූ බූට් ලෝඩර් වැඩසටහනක් වෙනත් ප්රොසෙසර් සමග ක්රියාත්මක නොවේ. විවිධ ඇන්ඩ්රොයිඩ් ෆෝන් මොඩ්ල් සඳහා ඒ සඳහාම ගැලපෙන කස්ටම් රොම් සාදීමට සිදුව තිබෙන්නේ මෙම බූට් ලෝඩර් ගැටළුව නිසා ය. නමුත් ඇපල් ෆෝන් වල හාඩ්වෙයා අතර විශාල වෙනස්කම් නැති බැවින්. ෆෝන් මොඩ්ල් එක කුමක් වුවත් මේවායෙහි ඇත්තේ එකම බූට්ලෝඩර් වැඩසටහනකි. මේ නිසා නවතම ඇප්ල් මෙහෙයුම් පද්ධතිය 3GS දුරකථනයකට පවා ස්ථාපනය කල හැක.
සෑම අන්ඩ්රොයිඩ් ෆෝන් එකක්ම බූට් ලෝඩරයකින් සමන්විත වන අතර, මෙමගින් සාමන්ය පරිදි මෙහෙයුම් පද්ධතිය බූට් කරනු ලබයි. නමුත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ අපි කලින් කීවා වගේම ඇන්ඩ්රොයිඩ් ඕපන් සෝස් මෙහෙයුම් පද්ධතියක් වන අතර මෙය විවිධ හාඩ්වෙයා පහසුකම් සහිත දුරකථන වල දැක ගත හැකියි. මෙම හේතුව නිසා නිශ්පාදකයින් විසින් ඒ ඒ දුරකථන වල ඇති හාඩ්වෙයා ස්පෙසිෆිකේශන් වලට අදාල බූට් ලෝඩර් සපයා ඇත.
ඇන්ඩ්රොයිඩ් ඕපන් සෝඩ් මෙහෙයුම් පද්ධතියක් වුවත් බොහෝ ෆෝන් වල බූට් ලෝඩර් ලොක් කර ඇත. මෙයට හේතුව වන්නේ නිශ්පාදකයා විසින් දුරකථනයට නිකුත් කර ඇති මෙහෙයුම් පද්ධතිය හැර වෙනයම් සංස්කරණයක් ස්ථාපනය කිරීම වැලැක්වීමටයි. බූට් ලෝඩර් ලොක් කර ඇති දුරකථන වල කස්ටම් රොම් ස්ථාපනය හා රූට් කිරීම අපහසුය (බෑ).
සෝනි එරික්සන් දුරකථන වල කස්ටම් රොම් දැමීමට සහ රූට් කිරීමට බූට් ලෝඩරය අගුලු ඇරීමට අත්යවශ්ය වුවත් ඇතැම් සැම්සුන් දුරකථන වල බූට් ලෝඩරය අන්ලොක් කිරීමෙන් තොරව මෙම කටයුතු කරගත හැකියි.
බූට් ලෝඩරය අන්ලොක් කිරීම සෙටින්ග්ස් රීසෙට් කිරීම වැනිම වූ ක්රියාවලියකි. එනම් දුරකථනයේ ඇති දත්ත සියල්ල මැකී යයි.
සහ වගකීම් සහතිකය අවලංගු වේ.
ක්රියාවලිය අතරතුර බ්රික් වීමේ කුඩා අවදානමක් ඇත.
Boot Loader Unlock කිරීමට පෙර තවත් වරක් සිතාබලන්න..

Story teller
Add Comment
[Android Boot Loader]
Sunday, September 4, 2016
  • Share
  • Share

Related Posts

Newer Older Home

Weekly Posts

  • thumbnails
    CoinNess වලින් සල්ලි හොයමු
  • රු.500ක Reload එකක් දිනා ගන්න
  • thumbnails
    Phone Memory එක මදිද? වැඩි කරගමු
  • thumbnails
    Online Money
  • thumbnails
    Soft Keys Enabler
  • thumbnails
    µTorrent pro apk

Label

(Tools) [Android App] [Android Boot Loader] [Android game] [Ppsspp] [හොල්මන් කතා] Android Films Gossip Online Job

Recent Post

    Total Pageviews

    Blog Archive


    Translate

    copyright © 2017 Android ලෝකය... All Right Reserved . Created by Idntheme . Powered by Blogger